දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවන වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හත්වන සභාපතිවරයා ලෙස සුසන්ත සිල්වා මහතා 2023.02.21 දින පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂක තනතුර ඇතුළු ප්‍රධාන ආයතන රැසක විධායක මට්ටමේ තනතුරු දරමින් දෙස් විදෙස් වෘත්තීය ක්ෂේත්රයේ වසර 40 ක අත්දැකීම් සහිතව වැඩ ඇරඹූ RDB නව සභාපති සුසන්ත සිල්වා මහතා RDB කාර්යමණ්ඩලය අමතමින්,
“පවතින අභියෝග ජයගෙන රටේ සංවර්ධනය වෙනුවන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ දායකත්වය නොපිරිහෙලා ඉටුකිරීමට මේ මොහොතේ සිටම කටයුතු ආරම්භ කරන බවත්, ඒ සමඟම කාර්යමණ්ඩලය හා එක්ව තෘප්තිමත් සේවාවක් ජනතාව වෙත ලබාදීම තුලින් RDB බැංකුවේ සන්නාමය වඩාත් නොමැකෙන ලෙස ඉහළට ඔසවා තැබීමට ඇප කැප වන බවත්.” සඳහන් කරන ලදී.
කැළණියේ පිහිටි RDB ප්‍රධාන කාර්යාලයේදී නව සභාපතිතුමන් පිළිගැනීම සඳහා සංවිධනය කර තිබූ චාම් උත්සවය සඳහා බැංකුවේ සමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී (වැ.ආ.) සුමේද එදිරිසූරිය මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලය සහ සියළු වෘත්තීය සම්ති නියෝජිත මහතුන් සහභාගි වූහ.