වස විස නැති ගොවිතැනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් දිරි මගක්..

පුවත්

වස විසෙන් තොර ආහාර සංග්රාම ජාතික වැඩසටහනට සහය වීම සදහා ප්රාදේශීය සංවර්ධන බැංකුව කාබනික පොහොර නිපදවන ජාතික මටිටමේ ව්යවසායකයින් බිහිකිරීම සදහා ලංකාව පුරා ක්රියාත්මක කරන වැඩසටහන් මාලාවේ දකුණු පළාත් සමාරම්භය 2021.07.28 දින මාතර දිස්ත්රික්කයෙන් ආරම්භ විය.

දකුණු පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන ප්රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා දකුණු පළාත් සාමාන්යාධිකාරී K. ආරියතිලක, දකුණු පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාර නිළධාරිනී රංගනී වික්රමසුරේන්ද්ර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම ව්යාපෘතිය සදහා ගොවි ව්යාවසායකයන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද RDB බැංකුව සිදුකරනු ලබයි.