RDB නව සාමාන්‍යාධිකාරී ලෙස ඒ. එච්. එම්. එම්. බී. ජයසිංහ මහතා රාජකාරී අරඹයි.

ශාඛා 272 කින් යුත් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායකනිලධාරී ලෙස ඒ. එච්. එම්. එම්. බී. ජයසිංහ මහතා 2022 පෙබරවාරී 01 දින උදෑසන සුබ මොහොතින් තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
වසර 35 ක බැංකු ක්‍ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත ඒ.එච්.එම්.බී.ජයසිංහ මහතා 1986 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන පිළබඳ විශේෂ උපාධිය ලබා ඇත. එතුමා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවද, වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධි දිප්ලොමද, ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරණය පිළබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව NIBM ආයතනයෙන්ද ලබා ඇත. එතුමා උපාධිය ලබා ගැනීමෙන් පසු 1987 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සම්බන්ධ වූ අතර ශාඛා කළමනාකරු, කලාප කළමනාකරු, දිස්ත්‍රික් කළමනාකරු, ප්‍රධාන කළමනාකරු, සහකාර සාමාන්‍යාධිකාරී, ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී යන තනතුරු වල සේවය කර ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය,  ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඒකකයේ අධ්‍යක්‍ෂක ඩී. එස්. කේ. ධර්මවර්ධන, හිටපු වැඩ බලන සාමාන්‍යාධිකාරී දමිතා කේ. රත්නායකල වෘත්තීය සමිති නියෝජිතයයින් ඇත සුළු කාර්යමණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.