RDB ලීසිං 

“RDB ලීසිං” සේවාව  ක්ෂුද්‍ර ව්‍යවසාය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, වෘත්තිකයන්, ඉහළ  ආදායම් උපයන  පුද්ගලයින්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්හට  ඔවුන්ගේ ව්‍යාපාර සහ වෘත්තීය කටයුතු සඳහා අත්‍යවශ්‍ය ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීම සදහා හදුන්වා දී ඇත. මෙරට විශාලතම සංවර්ධන බැංකුව  වන RDB  බැංකුව ලොරි, ෆ්‍රීසර් ට්‍රක්, ට්‍රක්, කැබ් රථ , බස්, වෑන් මෙන්ම ක්ෂේත්‍ර  වාහන (off road vehicles)  සහ ඉඩම් වාහන (Land vehicles) වැනි වාණිජ වාහන සඳහා ලීසිං පහසුකම් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වැඩිදියුණු කරනු ඇත.
විශේෂ ලක්ෂණ
  • රජයේ බැංකුවක විශ්වාසය
  • අවම ලියවිලි
  • නම්‍යශීලී සහ තමන්ගේ පහසුව අනුව ආපසු ගෙවීමේ හැකියාව
  • ආපසු ගෙවීමේ කාලය අවුරුදු 7 දක්වා
  • තරඟකාරී පොලී අනුපාත සහ අවම  මාසික කුලිය 
ලීසිං  මුදල
 උපරිම මුදල   රු. මිලියන  50 දක්වා

ආපසු ගෙවීමේ කාලය

  • උපරිම කාලය වර්ෂ 7 කි.
යෝග්‍යතාවය
  • ලියාපදිංචි ව්‍යාපාරයක් / වෘත්තීයක්  / ලියාපදිංචි ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් / ස්ථාවර ආදායම් උපයන්නෙකු / ඉහල ආදායම් ලබන්නෙකු  විය යුතුය.
  • ප්‍රාදේශීය සංවර්ධන  බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කර ක්‍රියාත්මක කළ යුතුය.
  • කිසියම් ණය දෙන ආයතනයකින් ලබාගත් මූල්‍ය පහසුකම් ගෙවීම  පැහැර  නොහැරිය අයකු විය යුතුය.
  • ලීසිං  වාහනය / උපකරණය  අත්පත් කර ගැනීමෙන් පසු ලීසිං වාරිකය ගෙවීම සදහා ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් උත්පාදනය කිරීමට හැකි විය යුතුය.
  •  ව්‍යවසායයේ හිමිකරු / හවුල්කරු / කොටස් හිමියා / අධ්‍යක්ෂවරයා
  •         ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය
  •          වයස අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය
  •   අදාළ ව්‍යාපාරය පිලිබදව  පූර්ව අත්දැකීම් හෝ දැනුමක් තිබිය යුතුය .
සුරැකුම්
කල්බදු ගිවිසුම, ලීසිං කල වත්කම් වල   නිරපේක්ෂ අයිතිය බැංකුවට තිබිය යුතු වීම සහ බැංකුවට පිළිගත හැකි සුරැකුම්
 ලීසිං වාරිකය
රු. 100,000 කට වාරිකය රු. 2,071/-
*කොන්දේසි සහිතයි