කිරෙන් සපිරි දැයක් සඳහා RDB කිරි ශක්ති ව්‍යාපෘතිය

“කිරෙන් සපිරි දැයක්” යන තේමාව යටතේ කිරි ගොවීන් සදහා මුල්‍ය සේවා සැපයීමේ වැඩසටහනක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් දියත් කර ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන 2021.02.11 දින වාරියපොළදී පවත්වන ලදී. මෙහිදී කිරි ගොවීන් විශාල ප්‍රමාණයකට ණය පහසුකම් ලබා දීම සිදු කල අතර ඒ සදහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලැබුනි.

මේ අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, අංශ ප්‍රධානී විශේෂ ව්‍යාපෘති හා ප්‍රතිපත්ති සම්පාදන D.M.T.S කුමාර,  ප්‍රාදේශීය   සාමාන්‍යාධිකාරී බී.ආර්.ඩී පුෂ්පකුමාරි ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.