RDB සිත්තම් පැංචා Facebook චිත්‍ර තරගයක් – 2021
ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB සිත්තම් පැංචා නමින් චිත්‍ර තරගයක් සංවිධානය කර තිබෙනවා.
වයස අවුරුදු හයට පහළ සහ වයස අවුරුදු හයක් 12ත් අතර දරුවන් සඳහා මෙම චිත්‍ර තරගයට සහභාගි වෙන්න පුළුවන්.
-
මාතෘකාව – මගේ හොඳ පුරුදු
-
මාධ්‍ය – පැස්ටල්
-
චිත්‍ර අඳින කඩදාසියේ ප්‍රමාණය – A4
ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා පහත පරිදි ත්‍යාග ලබාදීමට RDB බැංකුව සැලසුම් කර ඇත
වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා
-
පළමු ත්‍යාගය- ලැප්ටොප් පරිගණකයක්
-
දෙවන ත්‍යාගය – ටැබ් යන්ත්‍රයක්
-
තුන්වන ත්‍යාගය – ස්මාර්ට් ජංගම දුරකථනයක්
වයස අවුරුදු 6 ට අඩු දරුවන් සඳහා
-
පළමු ත්‍යාගය – රු. 50,000/-
-
දෙවන ත්‍යාගය – රු. 25,000/-
-
තුන්වන ත්‍යාගය – රු. 15,000/-
අයදුම් කරන ආකාරය
1. ඉදිරියෙන් තිබෙන Link එක Click කරලා RDB බැංකුවේ නිල Facebook පිටුවට Like එකක් දාන්න.
2. නොවැම්බර් 30 දිනට පෙර RDB කැකුළු ගිණුමට රුපියල් පන්සියයක් හෝ ඊට වැඩියෙන් මුදලක් තැන්පත් කරන්න.
3. ගිනුමක් නැත්නම් අලුතින් RDB කැකුළු ගිණුමක් ආරම්භ කරන්න මෙම චිත්‍ර තරගය සඳහා අයදුම් කරන්න පුළුවන්.
4. ඒ වගේම ඔයාලා චිත්‍ර අඳිනවා 0707 425262 නම්බරයට WhatsApp කරන්න
5. එහෙම WhatsApp කරන ඡායාරූප අතරින් හොදම චායාරූප දිනපතා අපගේ Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කරනවා.
චිත්‍ර භාරදීම
ඔබගේ චිත්‍රය ඔක්තෝම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවට බාර දෙන්න පුළුවන්
ජයග්‍රහකයින් තේරීම
ශාඛා මට්ටමෙන් ජයග්‍රහකයින් තේරීම
-
වයස අවුරුදු හයට අඩු කාණ්ඩය – 1, 2 සහ 3 ස්ථාන
-
වයස අවුරුදු 6ත් 12ත් අතර කාණ්ඩය – 1, 2 සහ 3 ස්ථාන
ශාඛා මට්ටමේ ජයග්‍රාහී දරුවන්ද සඳහා වටිනා සහතිකපතක් සහ ඔක්තෝම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා RDB කැකුලු ගිණුමට තැන්පත් කළ මුදලට සමාන මුදලක් RDB කැකුළු ගිණුම වෙත මුදල් ත්‍යාගයක් (උපරිම රුපියල් 1,000 දක්වා ) ලෙස බැර කිරීමට කටයුතු කරනු ලැබේ.
ජාතික මට්ටමේ ජයග්‍රහකයන් තේරීම
වයස් කාණ්ඩ දෙකම සඳහා වෙන් වෙන් වශයෙන් සෑම ශාඛාවක් ම ප්‍රථම ස්ථානය ලබා ගත් චිත්‍ර එක්කර දිස්ත්‍රික් මට්ටමින් හොඳම චිත්‍රය තෝරා ගනු ලබයි.
මෙම දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගත් හොඳම චිත්‍ර සියල්ල ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබයි.
එහිදී වැඩිම ලයික් ප්‍රමාණය ලබාගත් චිත්‍රය සඳහා අනුපිළිවෙලින් 1, 2 සහ 3 ස්ථාන ලබාදීමට කටයුතු කරනු ලැබේ.
ඉහත ත්‍යාග වලට අමතරව චිත්‍ර තරඟය සඳහා සහභාගී වන සැමට සහභාගිත්ව සහතිකයක් ලබා දෙනු ලැබේ.
කොන්දේසි අදාළ වේ.